Thursday, May 2, 2013

පාළුව

මැදියම් රෑ කොපමණ වැහි වැටුණත්
රිදී වන් විදුලි කළු වළාවන් එකලු කළත්
මා යහන මත ඈ දැන් නැති බව
ඒ හෙණ හඬ නැවත නැවතත් ගුගුළා කියනු ඇත

එදා මේ යහන මත ඈ
මා ළය මත හිස තබා
ආදරයේ උණුසුම විඳගත්තී
අද මා ළය වෙලා ඇත්තේ ඒ
පාළුව කාන්සිය පමණකි

රිදවයි හද ඔබේ මතකයන් නිදි නැති මේ රෑ
කෙතරම් සොදුරුද ඒ මිහිරි අතීතය
අතිනත් ගෙන අප අපේම ලොවකට පිය මැන
අනාගතය ගැන සිහින දැල්වූ සැටි

තවමත් උණුසුම ඇත ඔබේ සිරුරේ
එහෙත් ඔබේ මුව නැවතත් මුමුණනු නොමැත
මාගේ නම නැවත නැවතත්
උඩුකුරුව සයනය කරන මා සොදුරිය 

No comments:

Post a Comment