Thursday, November 7, 2013

ඊ ලෝකය

විඳවන ජීවිතය විඳගන්නට
නිරස ජීවිතය රසවත් කරන්නට
නොදුටු ළහිරු කිරණ දැකගන්නට
හරිනු මැන දෑස් සකි සඳ
ඉරා මාන්නයේ කඩතුරා බිඳ

ඇබ්බැහි වුනු මුහුණු පොතත්
නිතරම කොටන ට්විටරයත්
නැත්නම් ජීවිතයට කවදත්
ඇත සතුට සැමතැන සැමදත්

ඇයි ඔබ මේ ලෙසේ
දුක සේ සිටිනුයේ
පෙම්වතිය මුහුණු පොතේ
පැනගියා යැයි සිතේ


Wednesday, October 2, 2013

සතුට

නිතර තම සතුට හඹා යන මිනිසා,
නිතර තම සතුට යමක් මත ම රඳන නිසා,
සතුට රඳන දෙය ම අනියත නිසා,
නිතරම දුකින් සිටියි මිනිසා


මිල මුදල් හෝ වෙනත් කිසිවක් ,
කරගත හොත් තම සතුටක්,
නැති වුනොතින් එය දිනක කිසියම්,
කොහිද ඇත්තේ තම සතුට එතැකින්

ඇති දෙයින් සතුටුව,
ඉන්ට හැකි නම් අල්පේච්චව,
ඇත සතුට නිතරම ,
කුමට තැවෙමුද නැති දෙයක් ගැන

හැම දෙයටම ලොබ මිනිසා
සදයි කරගන්නට සියලු දේ තමා
නැති දේ ගැනම සිතා
තැවෙයි නිතර සතුට නැත සිතා

තමා තුළ ඇති සතුට
වෙන දෙයක් මත ඇතැයි සිත
වෙහෙසෙයි එය කරගන්නට තම
නොම වෙහෙසෙයි බලන්නට දෙසම තම

මෙලොවට අප බිහිවුනේ
කිසිදෙයක් ගෙන නොවේ
යන විට මෙලොවින් මිනිසුනේ
ගෙන යන්නේ මොනවද මෙලොවේ

මිල මුදල් රන් රිදී මිණි මුතු
ඇති හැකි ඇත්තෝ ළඟ අමුතු
සතුටක් ඇතැයි අප සැම  සිතු
ඇත සතුට සැම විට බයක් මුසු

Thursday, July 11, 2013

වෑවල වලව්ව

මෙය මාගේ නැසීගිය මයිලණුවන් විසින් පබදන ලද කවියකි.

වෑවල වෙලේ වේවැල් වල       වව්ල්ලූ
වෑවල වෙලේ වලවල් වල        ලූල්ලූ
වෑවල වෙලේ වී වැව්වේ          වාල්ලූ
වෑවල වලව්වේ වහල්ලේ        ලෑලිලූ

Friday, May 10, 2013

හිරු අවරට ගිය කළ
හද අම්බරේ කැණිමඬලට 
පෑයු පුර සඳ - අම්මා

අකුරු අකුරු අමුණා සෑදූ 
පද වැලකින් කියනු නොහැකි
සෙනෙහස අරුත් ගැන්වූ ඕ - පියඹ

සෙනෙහසේ පරමාර්ථයෙන් උපන්
නිතර යහනේ දත් නැති ලොඹු සිනා මවන
කිරි සුවඳින් මා මත් කළ ඈ - දියණි

Thursday, May 2, 2013

පාළුව

මැදියම් රෑ කොපමණ වැහි වැටුණත්
රිදී වන් විදුලි කළු වළාවන් එකලු කළත්
මා යහන මත ඈ දැන් නැති බව
ඒ හෙණ හඬ නැවත නැවතත් ගුගුළා කියනු ඇත

එදා මේ යහන මත ඈ
මා ළය මත හිස තබා
ආදරයේ උණුසුම විඳගත්තී
අද මා ළය වෙලා ඇත්තේ ඒ
පාළුව කාන්සිය පමණකි

රිදවයි හද ඔබේ මතකයන් නිදි නැති මේ රෑ
කෙතරම් සොදුරුද ඒ මිහිරි අතීතය
අතිනත් ගෙන අප අපේම ලොවකට පිය මැන
අනාගතය ගැන සිහින දැල්වූ සැටි

තවමත් උණුසුම ඇත ඔබේ සිරුරේ
එහෙත් ඔබේ මුව නැවතත් මුමුණනු නොමැත
මාගේ නම නැවත නැවතත්
උඩුකුරුව සයනය කරන මා සොදුරිය