Monday, September 5, 2011

පොතුවිල

දුටිමි බැලුයෙමි වින්දෙමි         පොතුවිල්
නිසලයි පාලුයි බැබලෙයි           පන්සල්
ගිලුනෙමි කල්පනා යාමයේ      තුන්කල්
පැතුයෙමි ඔබ මාගේ වේවායි    සැමකල්


බැලු බැලු අත පෙනෙයි මා හට නිල් වන්          කුඹුරු
ඇත ඇත තනිකමට තණ බුදින                      අම්බරු
ඈතින් පෙනේ රත්වන් පෑ  අවර                         හිරු
කදිමයි නොවෙද මිහිකත දුන් රස                     මියුරු

පසෙකින් පෙනේ ලෝපතළ අරුගම්    බොක්ක
ඉන් ඉදිරියේ ඇත කැළයක් අලි               එක්ක
නෙක නෙක පාටින් ඉන්නා සියොතුන්    එක්ක
පානම් පත්තුවට එනවද මා                     එක්ක

පානම් පත්තුවේ සිටිනා               සිරිපාල
බසයට පියනගයි උදයම           පොතුවිල
අත ඇති බෑගයේ ඇති බත්             සගල
කුසගිනි නිවයි ,වේවා තුති             අමිල

පොතුවිලට නැත නිරතුරු      චුරු චුරුව
වසිනා විට ඇත හැමතැන      චුරු චුරුව
සිහිවෙයි එවිට අම්මාගේ       චුරු චුරුව
අම්මා මතක් වෙයි දැන්නම්    නිරතුරුව

හුළංනුගේ ගම් සේවක                මහතා
යමු අපේ ගමේ යැයි මා               අමතා
ඉල්ලූ නිසා ඇති ගරු සරු            මහතා
යාමට සිතුනි ඔහු සමගම ඒ   මොහොතා

ඇවිදින විට පානම කුඹුරු                  උඩින්
දුටුවා ඈත වේලුන අතු රිකිලි             මතින්
යුවලක් තනන්නට යන කූඩුව කුරුලු  තුඩින්
සිහිකොට ගතිමි මාගේ පෙම්බරිය      තදින්

තිබුනත් අපමණ සුන්දර වෙරළක්ද       මෙහී
නැත සුද්දන්ගේ හෙළුව හරියටම          වැහී
මේවා දකින අපෙ උන්ට ඉන්ට          නොහී
දුටුවොත් හරියට අහසත් අකලට ම         වහී

කවියක් ලියන්නට ඔහු ගැන රවුෆ්      සර්
දැම්මා ඊයේ ඉදන්  මට              ගෙම්බර්
වචනත් නෑ මට නම් දැන්         රිමේම්බර්
ලිව්වා ඔන්න කවියක් මම රවුෆ්          සර්


1 comment:

  1. Niyamai! I didn't know you were a poet too. :D

    ReplyDelete